ලබන සතියේ යුරෝපයේ උෂ්ණත්වය තවත් ඉහළට

477

මේ වන විට දකුණු දිග යුරෝපා රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය ලබන සතියේදි තවත් දරුණු වනු ඇතැයි කාලගුණ අංශ විසින් අනතුරු අඟවා තිබේ. මේ අනුව සෙල්සියස් අංශක 48ක් දක්වා ඉහළ උෂ්ණත්වයක් එම රටවලින් ලබන සතියේදී වාර්තා වනු ඇතැයි එම අංශ විසින් සඳහන් කර තිබේ.

මේ අතර ඊසාන දිග ඉතාලියේ ‘වෙනෙටෝ’ කලාපයට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පෙරේදා (20දා) හටගත් අයිස් කැට වැසි ඇතුළු අනතුරුවලින් 110 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මේ හේතුවෙන් අදාළ අනතුරු සිදු වූ ප්‍රදේශවලට හදිසි නීතිය පැනවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මේ අතර බෝල්කන් කලාපයට අධික උණුසුම් කාලගුණ තත්ත්වයට පසු කඩා වැදී ඇති කුණාටුවක් හේතුවෙන් ක්‍රොයේශියාවේ ගිනි නිවන හමුදා භටයෙකු ඇතුළු හය දෙනකු මරණයට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment