නියමිත දිනට පුංචි ඡන්දය නැතත් ඇප මුදල් යළි දෙන්න බැහැ

151

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණ ද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වා හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඇප මුදල් යළි නිකුත් කළ හැකි වන්නේ නාමයෝජනා අවලංගු කිරීමකදී පමණක් බව එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කරයි.

නාමයෝජනා අවලංගු කිරීමට නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවන්නේ නම් සීමා නිර්ණ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් පමණක් නාමයෝජනා අවලංගු වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට මේ දක්වා නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ දැනට ප්‍රකාශයට පත්කර ඇති දිනයේදී එය පැවැත්වීමට පවතින අපහසුතාව පමණක් බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment