ධනුෂ්කගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – නීතිඥයාගෙන් ඉල්ලීමක්

595

ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණය හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී ඊට අදාළ නඩුව ඊයේ (04 වැනිදා) කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයන් මෙම තර්කය ඉදිරිපත් කර ඇත. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් ඔහුගේ නීතිඥයන් මේ බව පවසා තිබේ. ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය.

ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ වීම හරහා මේ වනවිට මහත් අපහසුතාවයකට පත්ව ඇති බවද නීතිඥවරුන් පවසා ඇත.

නඩුව නැවත මෙම මස 18 වනදා යළි කැඳවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment