අඩි 13 ක දැවැන්ත කිඹුලකු නිවසකට ඇවිත්

386

තිස්සමහාරාම, ගැමුණුපුර ප්‍රදේශයේ නිවසකට රාත්‍රී දොළහට පමණ දැවැන්ත කිඹුලකු පැමිණ ඇති අතර එම කිඹුලාගේ දිග අඩි 13 කි. බල්ලන්ගේ බිරීමට නිවසේ හිමිකරු සෝදිසි කරන්න අවස්ථාවේ ගෙදරට පැමිණි දැවැන්ත කිඹුලා දැක තිබෙන අතර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එම කිඹුලා අල්ලා ගස් බැඳීමට කටයුතු කළ බව එම නිවසේ හිමිකරු වන පී. ඒ. නන්දසේන මහතා සඳහන් කළේය. දෙබරවැව ජල මට්ටම පහළ යන අවස්ථාවලදී කිරිඳි ඔයට මාරු වන කිඹුලන් කිරිඳි ඔයේ ජල මට්ටම පහළ යන අවස්ථාවලදී දෙබරවැවට නිරන්තරයෙන් මාරු වන අතර ඒ අතරතුර නිවාස වල ඇති කරන සුරතල් සතුන් මෙම කිඹුලන් විසින් ඩැහැගෙන යන බව ඔහු සඳහන් කළේය.

උදෑසන යාල වන ජීවී නිලධාරීන් කිහිප දෙනකු පැමිණ එම කිඹුලා ගැට ගසා ලොරි රථයකට නංවා යාල ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට රැගෙන යන ලදී.

තිස්සමහාරාම – අමිල

advertistmentadvertistment
advertistmentadvertistment