මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි

162

නව මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට නව පාලක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර එහි පළමු රැස්වීම ඉකුත් සැප්තැම්බර් 21 දින පැවැත්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුදල් නීති පනතේ විධිවිධාන යටතේ මීට පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය අහෝසි වීමෙන් අනතුරුව මහ බැංකුවේ මෙම නව පාලක මණ්ඩලය පිහිටුවා තිබේ.

මහ බැංකුවේ නව පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කටයුතු කරයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පාලක මණ්ඩලයේ පළමු රැස්වීම ඉකුත් සැප්තැම්බර් 21 දින මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නිහාල් ෆොන්සේකා, ආචාර්ය රවී රත්නායක සහ අනුෂ්ක විජේසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.

අලුතින් පිහිටුවන ලද මහ බැංකු පාලක මණ්ඩලයේ මෙම සාමාජිකයන් මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ද සාමාජිකයන් වනු ඇත. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එහි පළමු රැස්වීම සඳහා ළඟදීම රැස්වන බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment