උද්දිකගේ රථයට වෙඩි තැබීමේ පරීක්ෂණ සීඅයිඩීයට

475

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස්පතිගේ නියෝග අනුව එම තීරණය ගෙන ඇති බවය.

මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් ඊයේ (17දා) රාත්‍රී වෙඩිතබා පළාගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment