අපි කාටවත් තර්ජනය කර නෑ ඔය කතාව පට්ටපල් බොරුවක්… ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්

209

‘‘මේ වෙනකම් අපි කිසිම ගුරුවරයකුට බලපෑම්, තර්ජන හා චරිත ඝාතන කරලා නැහැ. ඔය වසන්තා හඳපාන්ගොඩ කියන්නේ පට්ටපල් බොරු. එයා තනිකරම කරන්නේ ආණ්ඩුවට කඬේ යෑමයි. ගුරු වර්ජනය ප‍්‍රතිකේෂ්ප කරලා සමහර ගුරුවරුන් ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙනවා කියලා එයා කියන කතාවත් අමූලික බොරුවක්’ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (10 වැනිදා* පැවැසීය.

රජය මෙම ගුරු – විදුහල්පති ගැටලූව නිසි ලෙස විසඳන තුරු සිය වෘත්තීය අරගලය අඛණ්ඩවම සිදුකරගෙන යන බව ද ඔහු කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාලින් මහතා මෙසේ ද කියා සිටියේය.

‘‘දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරුවරුන්ට බලපෑම්, තර්ජන කරනවා කියලා වසන්තා හඳපාන්ගොඩ කියන කතාව පට්ටපල් බොරු. එහෙම ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතු කරන්නේ නැහැ. ගුරුවරු හැමදෙනාම ඉන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳනකම්.

අනිත් එක ඇය ආණ්ඩුව වෙනුවෙන් මෙච්චර පෙනී ඉන්නේ ඉදිරියේදී ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමක් අපේක්ෂාවෙන්.

මීට පෙර වසන්තා කිව්වා ගුරු – විදුහල්පති උද්ඝෝෂණවලට ආපු ගුරුවරුන් 25ක් විතර කොවිඞ්වලින් මැරිලා, තවත් රැුසකට කොවිඞ් හැදිලා කියලා. මේකත් තනිකරම බොරුවක්. මේ අරගලයේ ගුරුවරුන් සියලූ දෙනා නිරත වෙන්නේ ස්වේච්ඡුාවෙන්. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගුරුවරුන්ගේ ගැටලූ දඩමීමා කරගෙන තමයි මේ වසන්තා හඳපාන්ගොඩ කෑගහන්නේ. අපි දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතුවල නිරතවෙන්න කැමතියි. ඒත් ආණ්ඩුව මේ ගැටලූවලට විසඳුම් දෙන්නේ නැතිව තමන්ට ඕනෑ ඕනෑ විදිහට කටයුතු කරනවා නම් අපි අරගලය අඛණ්ඩවම කරගෙන යනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment