ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 75 කට වඩා ව්‍යාප්ත වෙලා… ලෝකයේ මරණ සංඛ්‍යාව වැඩිම රට ශ‍්‍රී ලංකාව වෙන්න පුළුවන්

396

HTML clipboard

මේ වනවිට රට තුළ ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 75 කට වඩා ව්‍යාප්ත වී ඇති බවත්, ඉන්දියාව, ඇමරිකාව යන රටවල්වලටත් වඩා ලෝකයේ මරණ සංඛ්‍යාව වැඩිම රට

ශ‍්‍රී ලංකාව විය හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ

(06 දා* පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

‘‘අද වනවිට මේ අලූත් ආණ්ඩුව පත්වෙලා වසරක් වෙනවා. එහිදී අපි සමරන්නේ සෞභාග්‍යයෙන් අභාග්‍යයට තල්ලූ කරපු දේශද්‍රෝහීන් විසින් කරවන ලද කුමන්ත‍්‍රණය සැමරීමක්. සෞභාග්‍යය දැක්මේ කරුණු 10ක් ගැන විශේෂයෙන් කතා කළා. එහිදී ජාතික ආරක්ෂාව ගැන කතා කළා. මිත‍්‍ර නොබැඳි විදේශ ප‍්‍රතිපත්ති ගැන කතා කළා. ¥ෂණයෙන් තොර පාලනයක් ගැන සහ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ගැන කතා කළා. පලදායී මානව සම්පත් ගැන කතා කළා. නමුත් අප දකින්නේ ගස් උඩ ගල් උඩ අධ්‍යාපනය ලබන දරුවන් ගැන. ජනතා හිතවාදී ආර්ථික වර්ධනයක් ගැන කතා කළා. ඉතිහාසයේ ආර්ථිකය අඩුවෙන්ම ප‍්‍රවර්ධනය වුණ අවුරුද්දක් තමයි අපි දැක්කේ. තාක්ෂණය පදනම් සමාජයක් ගැන කතා කළා. යටිතල පහසුකම් ගැන කතා කළා.

අලූත් දෙයක් කරන්නේ නෑ. ස්ථාවර පරිසර කළමනාකරණයක් හදනවා කිව්වා. නමුත් කළේ කැලෑ එළිකිරීම්, වැලි ගොඩදැමීම විතරයි. නීතිය පිළිපදින සමාජයක් කිව්වා. මේ දේවල් එක්ක ඔබටම තේරුම් ගන්න පුළුවන් ඇත්තටම සර් ෆේල් කියලා.

අනිත් රටවල්වලට හිනා වුණාට අද අපිට දුක් වෙන්න වෙලා. ජූලි සිට ඩෙල්ටා ප‍්‍රභේදයක් තිබෙනවා. ඒ වගේම ඇල්ෆා ප‍්‍රභේදය ඇවිත් තිබෙනවා. මේ වනවිට ඩෙල්ටා ප‍්‍රභේදය 75% කට වඩා ව්‍යාප්ත වෙලා. අපි මුහුණ දෙන්නේ බරපතළ තත්ත්වයක. ලෝකයේ මරණ සංඛ්‍යාව තුළින් වැඩිම රට ශ‍්‍රී ලංකාව වෙන්න පුළුවන්.

ජනතාව අද මුහුණ දෙන්නේ විශාල ප‍්‍රශ්න රැුසක. මරණ සංඛ්‍යාව ඊයේ 94 යි. එය අපේ රටේ. නමුත් ඇමරිකාවේ මරණ ඊයේ 63 යි. ඉන්දියාවේ ජනගහනය අපිට වඩා වැඩියි. එය ලෝකයේ විශාල රටක්. එම රටේ මරණ 461 යි. එහිදී අපි මුහුණ දෙන තත්ත්වය බරපතළ බව පෙනී යනවා. කොළඹ ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සිටිනවා. කරාපිටිය ඇඳන් 70 යි කොවිඞ් රෝගින්ට තිබෙන්නේ. නමුත් රෝගීන් 210 ක් සිටිනවා. ඇඳන්වලට වඩා තුන්ගුණයකින් වැඩි කළුබෝවිල රෝහලේත් එසේයි. පසුගිය අපේ‍්‍රල් 28 වෙනිදා විපක්ෂය විදියට ප‍්‍රකාශයක් කළා. සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළුව මිත‍්‍ර රටවල් සමග එකතුවෙලා, තානාපතිවරු හමුවෙලා ඉල්ලීමක් කළා. එහිදී අපි කිව්වා මේ තත්ත්වය වැඩිවෙන බව. විශේෂයෙන් මාධ්‍යයට ඇවිත් මම කිව්වා හදිසි ඒකකයක් අවශ්‍ය බව ප‍්‍රශ්නය උග‍්‍ර වෙන බව අපි කිව්වා.

සම්පත් තිබෙන රටවල්වලින් අපි ඉල්ලීම් කළා. නමුත් ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. මේ රජයට කිසිම කළමනාකරණයක් නැහැ. අද එකක් කියලා හෙට තව එකක් කියනවා. මේ වසංගතය හමුදා නිලධාරින්ට පාලනය කරන්න බැහැ. ඒ අයගේ වැඩ ඒ අය කළ යුතුයි. අපේ වැඩ අපි කළ යුතුයි නමුත් මේක සෞඛ්‍ය ප‍්‍රශ්නයක් එහිදී සෞඛ්‍ය විශේෂඥයන් ඉදිරියට දැමිය යුතුයි.

අද ආණ්ඩුව අපිට කියනවා රෝහල්වලට ඇවිත් වැඩක් නැහැ කියලා. නිවෙස්වල ඉඳන් ප‍්‍රතිකාර ගන්න කියලා. මේ රජය සූදානම් වුණේ නැති නිසා මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. අද තත්ත්වය බොහෝම අවාසනාවන්තයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment