උ. පෙළ ටියුෂන් සම්මන්ත‍්‍රණ අදින් පසු බැහැ

130

ලබන සඳුදා (07 දා) ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ (2021) විභාගය සඳහා කොවිඞ් මධ්‍යස්ථාන සකස් කිරීම ශාලාධිපතිවරුන්, කාර්ය මණ්ඩලය පත්කිරීම ඇතුළු සියලූ කටයුතු අවසන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ‘‘දිවයින’’ට ඊයේ (31 දා) පැවසීය.

විභාගය පෙබරවාරි 07 ආරම්භ කර මාර්තු 05 වැනිදා දක්වා පවත්වන බවත්, විභාගය සම්බන්ධයෙන් සියලූ ප‍්‍රචාරයන් අද (01 දා) මධ්‍යම රාත‍්‍රි 12.00 ට අවසන් වන බවත් ඒ මහතා කීය.

විභාගය සඳහා සිසුහු 3,45,242 ක් විභාග මධ්‍යස්ථාන 2438 කදී පෙනී සිටිති. විභාගය පැවැත්වීමට අදාළව මේ වනවිට රෝහල් ආශ‍්‍රිත කරගෙන කොවිඞ් නේවාසික මධ්‍යස්ථාන 29 ක් ස්ථාපිත කර තිබෙන බවත් කොවිඞ් ආශ‍්‍රිතයන් සඳහා අදාළ විභාග මධ්‍යස්ථානවලට වෙනම කාමර ස්ථාපිත කරන බවත් ඒ මහතා කීය.

විභාගය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛiවරුන් පත්කිරීම, පොලිස් ස්ථාන මගින් ආරක්‍ෂාව සැපයීම, ලිපිලේඛණ ප‍්‍රවාහනය ඇතුළු සියලූ කටයුතු සූදානම් කර අවසන් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

උසස් පෙළ විභාගය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඞ් වසංගතය හමුවේ කල් දැමීමට සිදු විය. පෙබරවාරි 07 වැනිදා විභාගය පැවැත්වීමට විදුහල්පතිවරුන්, ගුරුවරුන් සිසුන් ඇතුළු පාර්ශ්ව රැුසක් සමග සාකච්ඡුා කර දින නියම කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

උසස් පෙළ විභාග අපේක්‍ෂක සිසුන් පාසල්වලින් ඉවත්වන තෙක් මෙවර සාමාන්‍ය පෙළ සමත්වූ සිසුන් නිවෙස්වල සිටින බවත් විභාගයෙන් පසු එම සිසුන්ගේ උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පාසල් සූදානමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

විභාගය ආරම්භ කිරීමට පෙර දුමායන කටයුතු සිදුකරන ලෙස හා සිසුන් කොවිඞ් රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස විදුහල්පතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment