යතුරුපැදියක ගිය හල්පාතොට අඹුසැමි යුවළක් ඌරන්වලදී කැබ් රථයක ගැටී මියයති

68

මියගිය යුවළගේ දියණිය මෙවර උ.පෙළටත් පෙනී සිටිනවාලු

අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරුපැදියක් ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් වූ අනතුරකින් අඹුසැමි යුවළ බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න ගුරුසිංහ (42) සහ ටී.එම්. ගංගා නිල්මිණි (39) නමැති අඹුසැමි යුවළකි. කැබ්රථය කුරුඳුගහහැතැප්ම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර අඹුසැමි යුවළ ගමන්ගත් යතුරුපැදිය ඇල්පිටිය දෙස සිට කුරුඳුගහහැතැප්ම දෙසට ධාවනය වෙමින් තිබී ඇති බව පොලිසිය පවසයි. අනතුරෙන් තුවාල ලැබූ අඹුසැමි යුවළ ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙකී යුවළට දරුවන් දෙදෙනෙකු සිටින අතර දියණිය මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර පුතු අට ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

මියගිය අඹුසැමි යුවළගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (07) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment