තෙල් සහ ගෑස් පෝලිම් නැති කළාට අද අස්වැසුම පෝලිමේ මිනිස්සු මියයනවා – මහර සජබ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර

14

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිකළා කියලා පම්පෝරි ගැහුව වත්මන් ජනාධිපතිවරයා යටතේ අද ‘අස්වැසුම’ පෝලිම් දක්නට ඇති බවත්, ඒ විතරක් නොව අහිංසක මිනිසුන් ඒවායේ මියැදෙන පසුබිමක් නිර්මාණය වී තිබෙන බවත් සමගි ජන බලවේගයේ මහර ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මහතා පැවසීය.

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී අදහස් දැක්වූ ගුණසේකර මහතා අස්වැසුම අහිමි වූ බොහෝ දෙනා ආයාචනා, අභියාචනා කර බලන් ඉන්නවා. ඒත් ඔවුනට තවම යුක්තිය ආණ්ඩුව ඉටුකර නෑ. හෙට අනිද්දා වනවිට තව අහිංසක කී දෙනෙක් කුසගින්නේ මියැදෙයිද? ආණ්ඩුවට උවමනා අයි.එම්.එෆ්. මනදොළ සපුරන්න විතරයි.

අපේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ පියාණන් එදා ජනසවිය ඇරැඹුවේ දුප්පත්කමින් ජනතාව උසස් කරන්නයි. එදා එතුමා ඇරැඹූ වැඩපිළිවෙළ තුළින් පවුල් කී දාහක් ජීවත් වුණාද? ඊට පස්සේ ඒක ජනසවිය කරලා අද අස්වැසුම කියා රැවටීමකට ලක්කර තිබෙනවා.

ආණ්ඩුව පිටරටවලට ලංකාව ගැන මවන්න හදන මායාකාර චිත්‍රය ප්‍රෝඩාවක් බව ඡන්දයක් තිබ්බොත් ඔප්පු වේවි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ දැක්මක් තමයි මේ ආණ්ඩුවට තිබෙන්නේ යැයිද හසිත් ගුණසේකර මහතා කීවේය.
ගම්පහ විශේෂ – සුසිල් රණමුඛ

advertistmentadvertistment
advertistmentadvertistment