බැන්දට පස්සේ ජනප්‍රියත්වය වැඩි වුණා – චතූ රාජපක්‍ෂ

208

අසාධාරණය වෙනුවෙන් කථා කරලා කතන්දරත් අහන්න වුණා

ඇය පුංචි තිරයේ නිවේදිකාවක් වුණත් මේ වෙද්දි පුංචි තිරය තුළින්ම ආදරය දිනා ගන්නට සමත් වුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. නමින් චතූ රාජපක්‍ෂ වන ඇය ඉතාමත් කෙටි කාලයක් තුළ රංගනයෙන් ප්‍රේක්‍ෂකයන් අතරට කිට්ටුවෙන්න පටන් ගත්තා. ඉතිං ඒ නිසාම පසුගිය දවස්වල පුංචි තිරයේ නාලිකාවලින් පවත්වපු සෑම බක්මහ උළෙලකටම ඇයට ආරාධනා ලැබිලා තිබුණා. මේ දිනවල නිතර දකින රුවක් නිසාම චතූට අපි මේ ඉඩකඩ වෙන්කරන්න හිතුවා.

චතූ මොකද වෙන්නේ?

මේ දවස්වල අවුරුදු නිසා වැඩිපුර මූලිකත්වය දීලා තිබෙන්නේ අවුරුදු වැඩසටහන්වලට. පසුගිය දවස්වල අලුත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සහභාගි වුණා. ඊට අමතරව මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ගඟන පියවර ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිද්ධවෙනවා.

කොට්ටා පොර හොඳට පුළුවන්?

කොට්ටා පොර ගහන්න මම දෙවතාවක් නාලිකා දෙකකට සම්බන්ධ වුණා. ඉතිං එක අවස්ථාවක දෙවැනි ස්ථානයත් අනෙක් අවස්ථාවේ ජය පරාජයක් කාටවත් අයිති වුණේ නැහැ.

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මහේෂිකා කියලා කියන්නේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක්.

මහේෂිකායි චතුයි එක වගේද?

ගොඩක් වෙලාවට සමානයි කියලා කියන්න පුළුවන්. මොකද මට නොවුණත් වෙන කාටහරි අසාධාරණයක් සිද්ධ වුණොත් මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි එහෙම කරලත් අන්තිමට මම නරකකෙනා වුණ අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා.

අසාධාරණය වෙනුවෙන් කතා කරලා අන්තිමට කතන්දරත් අහන්න වුණා?

බැන්දට පස්සේ ජනප්‍රියත්වය වැඩි වුණා - චතූ රාජපක්‍ෂ

ගඟන පියවරේ මහේෂිකාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඔව්. එහෙම වෙලා තියෙනවා. අන්තිමට එයාල හොඳ වෙනවා. එයාල වෙනුවෙන් කතා කරපු අපි වැරදිකාරයෝ වෙනවා. ගොඩක් ළඟම හිටපු යාළුවන්ගෙන් තමයි එහෙම වෙලා තියෙන්නේ.

ජීවිතය ගැන ආපස්සට හැරිල බැලුවොත් මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. සමහර කාලවලදී ජීවිතයේ දුක” කරදර කියන හැම දේම සම සමව ආවා. හැමදාම සතුටින් හිටියා කියන්නත් බැහැ. හැමදාම දුකෙන් හිටියා කියලා කියන්නත් බැහැ. හැමදේම රැල්ලක් වගේ හරියට සමානව තමයි ආවේ.

විවාහයෙන් පසුව ජීවිතයේ ලොකු වෙනසක් වුණා කියල හිතනවද?

ඔව් අනිවාර්යයෙන් ම. මගේ ජීවිතය ගොඩක් සුබ වෙන්න පටන් ගත්තේ විවාහයෙන් පස්සේ තමයි. මම හිතන්නේ මගේ සැමියාගෙන් ඊට ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා.

රඟපෑමට සැමියාගෙන් සීමාවන් වැටිලද?

මම හිතුවේ කසාද බැන්දට පස්සේ එයා මට රඟපාන්න එපා කියලා කියයි කියලා. මොකද ඒ වෙනකොට සැමියාට රංගන ක්‍ෂේත්‍රය ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. අන්තිමේ එයා ක්‍ෂේත්‍රය ගැන තේරුම් ගත්තට පස්සේ මට කිසිම තහංචියක් නැහැ.

නිවේදනයෙන් ඈත් වුණාද?

මෙවරත් නාලිකාවක අවුරුදු උත්සවයක නිවේදන කටයුත්තක් සිදුකළා. ඉදිරියේදී නාලිකාවක ප්‍රධාන වැඩසටහනක් මෙහෙයවන්නත් ආරාධනා කරලා තිබෙනවා. දැනට මම ඒ ගැන හිතමින් ඉන්නවා. මම හිතනවා මහත්තයා කියන විදිහට ඒ වැඩේට ගියොත් මට හොඳ වේවි කියලා. ගොඩක් අය මම රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහට ඉන්නවටත් කැමතියි. ඒ හින්ද මම හිතුවා ටික කාලයකට හරි ආපහු නිවේදන කටයුතු සිද්ධ කරන්න.

රඟපෑමේදී සීමා මායිම් තියෙනවාද?

නැහැ. සමහර වෙලාවට මට හැම චරිතයක්ම කරන්න බැහැ. ඒ මට ස්වාමියා එපා කියලවත්” කවුරුවත් එපා කියලාවත් නෙමෙයි. මම දන්නවා මට මේ සීමාවෙන් එහාට යන්න බැහැ කියලා. ඒ වගේ අවස්ථාවන්වලදී මම ම ඒ චරිතය මට උචිත විදිහට හැඩගස්සවා ගන්නවා. ඊට අමතරව කවුරුවත් මට තහංචි දාලා නැහැ.

විවාහ ජීවිතය කොහොමද?

බැන්දට පස්සේ ජනප්‍රියත්වය වැඩි වුණා - චතූ රාජපක්‍ෂ

විවාහ ජීවිතය ඉතාමත් සතුටින් ගතවෙනවා. මම විවාහ වෙලා දැනට අවුරුදු දෙකහමාරක්. ඉතිං එදා වගේම අදටත් අපි දෙන්නා හරිම සතුටින් ඉන්නවා.

ජනප්‍රියත්වය වැඩි වුණේ තනිකඩ කාලෙද” කසාද බැන්දට පස්සෙද?

මගේ ජනප්‍රියත්වය ඇත්තටම වැඩි වුණේ කසාද බැන්දට පස්සේ. ඊට කලින් මම ගොඩක් නිර්මාණවලට සිටියේ නැහැ. එතකොට මම ප්‍රවෘත්ති නිවේදිකාවක්. සීමිත පිරිසක් තමයි ඒ කාලේ මාව දන්නේ. නමුත් මම රංගන ශිල්පිනියක් වුණේ බැන්දට පස්සේ. මම හිතන්නේ ඒ හැමදේම මගේ සැමියාගේ වාසනාවට සිද්ධ වුණු දේවල් කියලා.

ජනප්‍රිය නිළියගේ සම්මානය ළඟටම ගිහිල්ලා හැරිලා ආවා?

ඔව්. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය කාණ්ඩයේ සහ නැගී එන හොඳම නිළියට නිර්දේශ වුණා. අවුරුදු හතකට පස්සේ තමයි නැගී එන හොඳම නිළියට නිර්දේශ වුණෙ. ඒක තමයි මගේ ජීවිතයේ ලබපු හොඳම ජයග්‍රහණය. ඒ වගේම ජනප්‍රියම කාණ්ඩයේ අවසන් තුන් හතර දෙනා අතර ඉන්න ලැබීමත් ලොකු වාසනාවක් කියලත් හිතනවා.

චතූගේ හිතේ සම්මාන ගැන බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඇත්තටම මගේ මුල් කාලයේ එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මෙවර නැගී එන නිළියට නිර්දේශ වුණාට පස්සේ මගේ හිතේ පුංචි ආසාවක් ඇතිවුණා හොඳම නිළිය සම්මාන ගන්න හැකි වුණොත් හොඳයි කියලා.

කාර්ය බහුලවීම හින්දම මහත්තයාගේ වැඩ කටයුතු හොයලා බලන්න විදිහක් නැහැ. එහෙමද?

ඇත්තම කියන්නම්කෝ. ෂූටිං ගියාට පස්සේ ගෙදර උයන්න පිහන්න වෙන්නේ නැහැ. නමුත් ගෙදර සියලුම වැඩකටයුතු මගේ අතින් තමයි සිද්ධ වෙන්නේ. මහත්තයාගේ ගෙදරත් අපේ ගේ ළඟම තියෙන හින්ද එයාට කෑම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයාට එහෙන් වුණත් කන්න පුළුවන්. නැත්නම් අපි දෙන්නම කඩෙන් කන අවස්ථාත් තිබෙනවා. ඒ හැරුණාම මහත්තයාට කිසි අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment