මොළයක් තියෙන නිරූපිකාවක් හදන්න ත්‍රිකලා නුගේගොඩට එයි

378

ඇය වෘත්තියෙන් ජාත්‍යන්තරය ජයගත් නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙමෙයි විශ්ව රූ රැජිනක්ද වෙනවා. නමින් ත්‍රිකලා ධරණී නම්වූ ඇය මේ දිනවල අලුත්ම වැඩකට සූදානම් වෙනවා. නිරූපණයට ආසා ඔයාලට ඇගේ කතාව වැදගත් ඇති. කියවලා බලන්නකෝ මොකක්ද ඒ කතාව කියලා.

 ඇත්තටම කියනවානම් නිරූපණ පාසලක් ආරම්භ කරන්න ප්‍රධානම හේතුව වුණේ ලංකාවේ දැනට තියෙන නිරූපණ ක්‍ෂේත්‍රයට ඇතිවෙලා තියෙන ඉරණම සහ නිරූපණ ක්‍ෂේත්‍රයට වෘත්තීමය වටිනාකමක් ලබාදෙන්න මගෙන් වෙන්න ඕනෑ සේවාව කරන්න හොඳම වෙලාව මේ වෙලාව කියලා හිතපු නිසා.

 මම ඩුබායිවලදී නිරූපණය පිළිබඳව හැදෑරුවා. ඊට අමතරව වසර හතක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල, යුරෝපා රටවල සහ විශේෂයෙන් මැදපෙරදිග රටවල නිරූපිකාවක් විදිහට වැඩකරපු කෙනෙක් විදිහට ලබපු අත්දැකීම් වගේම විශ්ව රූ රැජිනක් වීමෙන් අනතුරුව ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරලා තිබෙන අත්දැකීම් මගේ නිරූපණ ක්‍ෂේත්‍රයට ලබාදෙන්න පුදුම හිතේ ආසාවක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඒ අරමුණෙන්ම තමයි මේ නිරූපණ පාසල ආරම්භ කළේ.

මොළයක් තියෙන නිරූපිකාවක් හදන්න ත්‍රිකලා නුගේගොඩට එයි

මම අද ඉඳලා පරණ කොට්ටාව පාරේ නුගේගොඩ මගේම කියලා නිරූපණ පාසලක් ආරම්භ කළා. නිරූපණ පාසලේ නම ටොප් මොඩල් බයි ත්‍රිකලා ධරණි. මගේ නිරූපණ පාසලේ තේමා පාඨය වෙන්නේ බියුටි විත් අ බ්රේන් (Beauty With a Brain) කියලා. ඒ කියන්නේ මොළයක් සහිත නිරූපිකාවක් වෙමු කියලා තමයි එයින් අදහස් කරන්නේ. මනුස්සයෙක් ඕනෑම දෙයක් පටන් ගන්නකොට ඒකට අරමුණක් තියෙන්න ඕනෑ. අපි ඔටුන්නක් ඔළුවේ දාගත්තු පළියට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි තමයි ලෝකයේ ලස්සනම කෙනා කියලා. ඒ ඔටුන්නට අරමුණක් තියෙනවා. අපි මොන දේ කළත් අරමුණක් ඇතිව සිද්ධ කරන්න ඕනෑ. මගේ නිරූපණ පාසලේ අරමුණ මොළයක් සහිත නිරූපිකාවන් වෙමු කියන එකයි. නිරූපණය පිළිබඳ මගේ තියෙන දැනුම. විශේෂයෙන් ඒ පිළිබඳව තියෙන අද්දැකීම් සියල්ල ආධුනිකයන් සමඟ බෙදාගන්නත් නිරූපණ ක්‍ෂේත්‍රය වැටිලා තියෙන අගාධයෙන් ගොඩට ගන්නත් උපරිම උත්සාහයක යෙදෙනවා.

 ඇත්තටම මේකෙ කියන්න ඕනෑ දෙයක් තියෙනවා. අක්කේ මම කළුයි. අක්කේ මම මිටියි. හැබැයි මගේ සිහිනය නිරූපිකාවක් වෙන්න. මට කවදාවත් මගේ සිහිනයට යන්න බැරිද? මට මේකට උදව් කරන්න පුළුවන්ද? මට ඇත්තටම හරි දුකයි ඒ වගේ ළමයි ගැන. මොකද සමහර නිරූපණ ගුරුවරු ළමයි ගියහම ඒ ලමයිව ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. මම කියන්නේ නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුම පටුනිසා තමයි එහෙම ආකල්ප ඇතිවෙන්නේ සහ එහෙම උපදේශ ළමයින්ට ලබාදෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. මොකද නිරූපණ ක්‍ෂේත්‍රය ඉතාම විශාල වපසරියක දිවෙනවා. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් මම ආබාධිත නිරූපණ ශිල්පීන් එක්ක එකට රූම්ස් ෂෝ කරලා තියෙනවා. මොඩ්ල් කෙනෙකුට තියෙන්න ඕනෑ ආත්ම විශ්වාසය සහ පෞරුෂය කියන කරුණු දෙක විතරයි. ඒකට උස, මිටි, ලස්සන කියන කරුණු බලපාන්නේ නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රය කියන්නේ අලුත උපන් කිරිදරුවාගේ සිට මුහුකුරා ගිය මහල්ලා දක්වාම දිවෙන වයස පරතරයක තිබෙන ක්‍ෂේත්‍රයක්. මේකට වයස බලපාන්නෙත් නැහැ. උස බලපාන්නෙත් නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රය කියන්නේ විශාල වපසරියක තියෙන ක්‍ෂේත්‍රයක්. එනිසා මේ දැනුම රටට ලබා දෙන්න ඕනෑ.

● දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment