මිත්‍යා මත නිසා දරුවන් 7500 කට සරම්ප එන්නත දී නෑ – GMOA කියයි

78

මිත්‍යා මතවල එල්ලී දරුවන් 7500 කට සරම්ප එන්නත ලබා නොදීමෙන් මිලියන 22 ක් ජනතාව දැඩි අවදානමකට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සරම්ප එන්නත ලබා නොගතයුතු බවට සමාජය තුළ පැවති මිත්‍යා සහ අවිද්‍යාත්මක මත හේතුවෙන් රට තුළ නැවත සරම්ප රෝගය හිස ඔසවන තත්ත්වයක් මතුව තිබෙන බවත්, වසංගත රෝග විද්‍යා අංශයේ අනුමානයන්ට අනුව සරම්ප එන්නත ලබා නොගත් දරුවන් 7500 ක් සමාජය තුළ සිටීම අවදානම තිව්‍ර කිරීමක් බවත් එම

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය.

තමන්ගේ දරුවන් සරම්ප එන්නත ලබාදිය යුතු වයසේ පසුවේ නම් දිස්ත්‍රික්ක 09 තුළම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ද හෙතෙම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment