උ. පෙළ දිනවල විදුලි කැපිලි එපා – විභාග කොමසාරිස් ජනරාල්

36

උසස් පෙළ විභාගය (2022) පවත්වන දිනවලදී විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා ආරම්භ කර පෙබරවාරි 17 වැනිදා තෙක් පැවැත්වෙයි. විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් තුන්ලක්‍ෂ තිස් එක්දහස් හත්සිය නව දෙනකු පෙනී සිටින අතර මධ්‍යස්ථාන 2200 කදී විභාගය පැවැත්වේ.

විභාගය නිමිත්තෙන් ජනවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ ඇතුළු ප්‍රචාරයන් පැවැත්වීම තහනම් බවද ජයසුන්දර මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment