විදෙස් කැරලිකරුවන් මර්දනයට ජනපති මිලියන 250 ක් වැය කරන්නේ රට තවත් බංකොලොත් කරන්නද? – විපක්‍ෂ නායක

59

රටේ අනන්තවත් ප්‍රශ්න තිබෙද්දි ජනාධිපතිවරයා හුතී කැරලිකරුවන් මර්දනය කිරීමට රුපියල් මිලියන 250ක් වියදම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

රටේ දරුවන්ට එදා වේල සපයා ගත නොහැකි වී ඇති අවස්ථාවක තරුණ පරපුර මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් විපතට පත්වී ඇති මොහොතක රටේ මුදල් රුපියල් මිලියන 250ක් වැයකර හූතී අරගල කණ්ඩායම් මර්දනය කිරීමට නාවික හමුදා යාත්‍රාවක් යැවීමට රජය තීරණය කළේ ඇයිදැයි ගැටලුවක් බව හෙතෙම කීය.

රටේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඇති මුදල් මෙසේ හූතී කණ්ඩායම් මර්දනය කිරීමට යවන්නේ රටේ ණය කපා දැමීමට විදේශ රටවල් පොරොන්දු වී ඇති නිසාදැයි දැන ගැනීමට අවශ්‍ය බවත් මේ මගින් ලැබෙන වාසිය කුමක්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට ජනතාව විඳින දුක නොතේරෙන බවත් කුඩා දරුවාගේ සිට ගර්භණී මව දක්වාත් පාසල් දරුවන් සහ තරුණයන් පවා දැඩිව අසරණව සිටින බවත් මේ මුදල් රටේ අත්‍යවශ්‍ය දේවල්වලට වියදම් කරන්නේ නැත්තේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා කීය.

ඇමෙරිකාව, ඉන්දියාව වැනි ප්‍රබල රටවල් සිටියදී රාජපක්ෂ පුත්තු රොකට් යවා බංකොලොත් කළ මේ රටේ මෙවැනි දේවල් සිදු කරන්නේ තවත් රට බංකොලොත් කිරීමට ද කියා ගැටලු සහගත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment