දැඩි දඩුවම් දෙන්න – ඇමැති ප‍්‍රසන්න රණතුංගත් ඉල්ලයි

452

ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයේදී ජාතික ජනබලවේගය රැුස්වීමට බිත්තර ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දැඩි ද`ඩුවම් දෙන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත ලිපි යවමින් ඇමැතිවරයා අවධාරණය කර ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව රටේ ඕනෑම ප‍්‍රදේශයක දේශපාලන රැුස්වීමක් පැවැත්වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තමන් පිළිගන්නා බවත් ඊට තමන් ගරු කරන බවත්ය.

තමන් මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප‍්‍රචාර දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කරන බව ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා මුහුණු පොතේ සටහන් තබමින් ප‍්‍රකාශ කර ඇත. ගම්පහ දිස්ත‍්‍රික් පොදුජන පෙරමුණේ නායකයා ලෙස මෙවැනි සිද්ධීන් කිසිවෙක් අනුමත නොකරන බවද රණතුංග මහතා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment