ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 250 ක්

271

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රගතිය සලකා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ප්‍රකෘතියට පත් කිරීමේ RESET සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම යටතේ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක වැඩසටහනේ දෙවැනි වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් නිදහස් කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇත.

අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති මෙම වැඩසටහන සඳහා ඉකුත් ජුනි 28 දින අනුමැතිය ලැබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment