නවසීලන්තයේත් භූමිකම්පාවක්

80

නවසීලන්තයේ වෙලින්ටන්හි වයඹ දෙසින් ඊයේ (15 දා) රිච්ටර් මාපක 6.1 ක දැවැන්ත භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

භූකම්පනයෙන් වෙලින්ටන් නගරයේ සුළු සෙලවීමක් තත්ත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බව ද වාර්තා වේ. මෙම නගරයෙහි 60,000ක පමණ ජනතාවක් වාසය කරති. භූකම්පනය සිදුව විනාඩි 15කට පමණ පසු නගරවාසී ජනතාවගෙන් හරි අඩකට වැඩි පිරිසක් භූකම්පනයක් සිදුවූ බවට පවසා ඇත.

මේ භූකම්පනයෙන් සිදුවූ අනතුරු ගැන මෙතෙක් වාර්තා වී නැත. සුනාමි අනතුරු ඇඟවීමක් ද සිදු කර නැත. මෙම භූකම්පනය වෙලින්ටන්හි කිලෝමීටර් 57.4ක ගැඹුරින් සිදුව ඇති බව භූවිද්‍යාඥයෝ සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment