ගුරු – විදුහල්පතිවරු පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවේ…

114

2024 අයවැය ලේඛනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් ඊයේ (05 දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය සිය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් විරෝධතාවක නිරත විය. ගුරු සංගම් නායකයන් වන ජෝෂප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ගුරු – විදුහල්පතිවරුන් විශාල පිරිසක් එක්ව සිටි මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල අවහිර කරමින් පිරිස රැඳී සිටියහ. පසුව පොලිසිය පැමිණ ඔවූහු පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයෙන් ඉවත් කරනු ලැබූහ.

මෙම උද්ඝෝෂණය වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි. උද්ඝෝෂණයේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment