අතුරු කමිටුව ඉවත් කරන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකරන බව අයිසීසී කිව්වා

240

ලියුම් 3 ක් නොවේ ලියුම් 10 ක් අයිසීසීයට ලිව්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) දැඩි තීරණයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ (22 වැනිදා ) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

සිම්බාබ්වේ සඳහා පත් කළ අතුරු කමිටුවට පසුව අතුරු කමිටු සම්බන්ධයෙන් අයිසීසී තද තීරණයක පසු වීම ඊට හේතු වී ඇති බවත් ක්‍රීඩා දෙකක් තහනම් වූ රටක පත් කළ තවත් අතුරු කමිටුවක් ලෙස වත්මන් ක්‍රිකට් අතුරු කමිටුව දෙසද අයිසීසී බලන්නේ හොඳ කෝණයකින් නොවන බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දැඩි ලෙස දේශපාලන බලපෑම් එල්ල වීමද සලකා බලා අයිසීසී මෙරට ක්‍රිකට් තහනම් කිරීමට තීරණය කළ බවත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ දී ඇති වූ ක්‍රිකට් විවේචනයන් ද අපට අහිතකර ලෙස බලපෑ ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා එල්ල වන එම දේශපාලන බලපෑම් පිළිබඳව තමන් ලියුම් තුනක් නොව ලියුම් 10 ක් පමණ අයිසීසීය ට ලියා ඇති බවත් බලපෑම් පිළිබඳව අයිසීසී යට ලියන්නේ නැතිව තමන් කවුරුන්ට ලියන්න දැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සහ ඉදිරි පරිපාලන කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති එම මාධ්‍ය හමුවේ දී ශම්මි සිල්වා මහතා තවදුරටත් මෙසේ ද කීය.

“මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා තමයි අයිසීසීය ඒ රැස්වීමේදී කිව්වේ. විනාඩි 45ක් විතර මේ ප්‍රශ්නය ගැන කතා කළා. ඔවුන් තද තීරණයක් ගත්තේ. ක්‍රිකට් අපිට ගහන්න දෙන්න. නැත්තම් අපි සම්පූර්ණයෙන් වැටෙනවා කියලා මම කිව්වා.”

“මෙහේ ආපු ඉම්රාන් කවාජාත් කතා කළා. මේ තීන්දුව දුන්නේ මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා ඒ අයට තේරුණ නිසා කියලා කිව්වා.”

“කොහොම වුණත් මේක ලංකාවට ලොකු පාඩුවක්. මම ඇරෙන්න මුළු ෂක්‍ක්‍ එකම තීරණය කළා අපිව තහනම් කරන්න. ෂක්‍ක්‍ පිළිගන්නේ මාව සහ අපේ බෝඩ් එක කියලත් ඒ අය තීරණය කළා. ඇමැති කියනවා කාරුණිකව ඉල්ලුවා කියලා. දැන් ඒක දාමරිකත්වයට හැරිලා තියෙන්නේ.”

“අපි හොරු කියලා ඔප්පු වුණොත් අපි යන්න ලෑස්තියි. ක්‍රිකට් තහනම් කළාත් අපිව තහනම් වෙලා නැහැ. අපිට වැඩ කරගෙන යන්න පුළුවන්.”

“විපක්ෂ නායක හිතනවාද දන්නේ නැහැ මම ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා. එයාගෙන් අහන්න මොකක්ද ප්‍රශ්නය කියලා.”

“අපේ 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානය සහ ආසියානු කුසලානය යන තරගාවලි දෙකටම ක්‍රීඩා කරනවා.”

“මුළු ක්‍රිකට් එකම කන්න යන එක නාකි වෙච්ච ලෙජන්ඩ් කෙනෙක් ඉන්නවා.”

“මේ ලෝක කුසලානය කඩාකප්පල් කළෙත් ඇමැති සහ ඔය ලෙජන්ඩ් කියන එක්කෙනයි තමයි. මම නම කියන්නේ නැහැ… හැමෝම දන්නවා නේ.”

“දැන් අපි ගාව ඩොලර් මිලියන 30ක් තියෙනවා. අපි දැන් මේක හොරකම් කරලද? මේක බලාගෙන මෙතනට එන්න ඉන්න හොරු සෙට් එකක් ඉන්නවා. අතීතයේත් ඒක වුණා.”

“මම ෂක්‍ක්‍යට යවපු ලියුම් දැන් මාධ්‍ය තුළ තියෙනවා. දැන් ඒවා එළියට ඇවිත්. ඒ රහස්‍ය භාවයක් තියෙන ලියුම්. ඒවා එළියට දාන්න බැහැ.”

“මම එකක් කියන්නම් මෙතනින් එහාට මම මෙතන ඉන්නේ නැහැ. වෙන කට්ටියට දෙන්න ඕනේ. ඒක සාමාජිකයෝ තීරණය කරයි. දේශපාලකයින්ට ඒක තීරණය කරන්න බැහැ.”
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment