උත්තර දේවියේ ගැටුණු වන අලියා මරුට

54

කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී දුම්රියේ ගැටීමෙන් මුරුකණ්ඩි ප්‍රදේශයේදී වන අලියකු මියගොස් තිබේ.

රාත්‍රියේ වර්ෂාව මැද පැමිණි දුම්රියේ රියදුරන්ට මීදුම නිසා වන අලියා දර්ශනය වී නොමැත.

වන අලියා මිය යාමෙන් පසු වන ජීවී නිලධාරීන් ඒ ස්ථානයට ගොස් ඇති අතර පරීක්ෂණ කටයුතු වලින් පසුව වන අලියාගේ සිරුර මිහිදන් කිරීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment