විදුලි බිල සංශෝධනය විය යුතු මාස දෙක

200

ජනවාරි සහ ජූලි යන මාස වලදී වසරකට දෙවරක් විදුලි බිල සංශෝධනය විය යුතු යැයි කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති මුත් එය සංශෝධනය විය යුත්තේ අප්‍රේල් සහ සැප්තැම්බර් යන මාස වලදී යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. එය ජල විදුලිය සහ තාප විදුලිය උත්පාදනය අනුව සිදු විය යුතු බව ද එසේ නොවුණ හොත් ඉන් විදුලි පාරිභෝගිකයිනට අසාධාරණයක් සිදු වන බව ද සදහන් කරයි. කෙසේවෙතත් විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් කර නැතැයි ද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment