රටවල් හතකට නොමිලේ වීසා – ඇමැති හරින් ප්‍රනාන්දු

13841

පාර්ලිමේන්තුවේ අනුමත කළේ කවද්ද – කිරිඇල්ල

ආණ්ඩුවත් විපක්‍ෂයත් එක්වයි මේක සම්මත කළේ – ඇමැති ටිරාන් අලස්

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදියුණුව උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 දා) පැවසීය.

ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, චීනය, තායිලන්තය ඇතුළු රටවල් හතකින් එන සංචාරකයන්ට එම සහනය ලබාදීම සිදු කරන බවත් තවත් රටවල් 60කට නොමිලේ වීසා ලබාදීමේ තීරණය ගැනීමට කමිටුවක් පත් කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.

ස්ථාවර නියෝග 27(2) යටතේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. එහිදී ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

වීසා ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කරනවා. වීසා හඳුන්වා දීමේදී දින 30 තනි වරකට පැමිණෙන වීසා එක සිස්ටම් එක තුළ නොතිබීම තමයි ගැටලුව වුණේ. ඒක ප්‍රායෝගික

ගැටලුවක් වුණා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කළේ නෑ කියලා කියනවා. මුදල් කමිටුවට මේ ගැන වාර්තා කර තිබුණා නම් පාර්ලිමේන්තුවේ අවධානයට එය යොමු කරන්න තිබුණා. රටවල් හතකට වීසා ෆ්‍රී ලෙස ලබාදී තිබෙනවා. රටවල් 60 කට වීසා ෆ්‍රී දෙන්න කියලා කමිටුවක් පත් කළා. එහි තීරණය ලැබීමට නියමිතයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

වීසා ගැටලුව මුදල් කමිටුවට ආවා. පාර්ලිමේන්තුවට එය වාර්තා කළා. එහෙත් එය පාර්ලිමේන්තුවේ අනුමත කළේ කවද්ද.

ඇමැති හරින් ප්‍රනාන්දු මහතා –

මුදල් කමිටුවට වාර්තා කළා නම් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන්න තිබුණා. වීසා ගැනීමට රුපියල් 5100 ක් අය කර ගන්නවා. ෆ්‍රී වීසා දුන්නත් ඒ අයගේ සිස්ටම් එක අනුව යා යුතුයි. දත්ත ඇතුළත් කර ගන්නවා. රටක් විදියට සංචාරක ක්ෂේත්‍රයේ හොඳ තැනක අපි සිටිනවා. නිදහසේ සැරි සැරිය හැකි වීසා එකක් දිය යුතුයි. මාස දෙකක්වත් එසේ සිටිය හැකි විය යුතුයි. පාර්ලිමේන්තුවේ අවසරයක් නැතිව ගැසට් එකක් ගැසිය නොහැකියි. විපක්ෂයක් විදියට ඒ ගැන හොඳින් දැන සිටිය යුතුයි.

ඇමැති ටිරාන් අලස් මහතා-

වීසා වැඩි කරන එක ගැන උපදේශක කාරක සභාව තිබුණේ 2023 නොවැම්බර් 21 වැනිදා. පාර්ලිමේන්තුව සම්මත කළේ නොවැම්බර් මස 23 වැනිදා. ගැසට් කළේ නොවැම්බර් 27 වැනිදා. නොවැම්බර් 23 වැනිදා ආණ්ඩු පක්ෂය විපක්ෂය සියලු දෙනා එක්ව ඡන්දයකින් තොරව සම්මත කළ දෙයක් මේක.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment