මේ උණුසුම් කාලයේ ශරීරය සිසිල් කරන බීම වැඩිපුර පානය කරන්න

72

ආයුර්වේද වෛද්‍ය සංජීවනී සිල්වා

පවතින අධික උෂ්ණත්වය හමුවේ ශරීරය සිසිල් කරන කොමඩු, දොඩම්, නාරං, තැඹිලි, බාර්ලි, සව් පානය කිරීම ඉතා යෝග්‍ය බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නැදිමාල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛi නිලධාරිනි සංජීවනී සිල්වා මහත්මිය “දිවයින” ට ඊයේ (05 දා) පැවැසුවාය.

එසේම මෙම දිනවල වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3ක් පානය කිරීම ඉතා සුදුසු බවත්, දරුවකු ජලය ලීටර් 2ක් පානය කිරීම සුදුසු බවත් ඇය කියා සිටියාය.

එමෙන්ම පවතින අධික උෂ්ණත්වය හමුවේ පතෝල, වැටකොළු, කැකිරි, පිපිඤ්ඤා, දියලබු ආහාරයට ගැනීම යෝග්‍ය බව ද එසේම ඇල් ජලයෙන් ස්නානය කිරීම ඉතා යෝග්‍ය බව ද ඇය සඳහන් කළාය.

පවතින අධික උෂ්ණත්වය හමුවේ නිරතුරුව දාඩිය දමන බැවින් කොමඩු, තැඹිලි, සව්, බාර්ලි වැනි දේ පානය කිරීමෙන් ශරීරය සිසිල් කරන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment