සා. පෙළ ප්‍රතිඵල මේ මස අග

122

සාමාන්‍ය පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල මේ මස අවසානයේ ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු අවසන් කර එහි නිරවද්‍යතාව නැවත අධ්‍යයනය කරමින් පවතින බවත් එය අවසන් වූ පසු මේ මස අවසානයේ ප්‍රතිඵල නිකුත්කිරීමට අදහස් කරන බවත් විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රතිඵල නිකුත්කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්කයේ ලබාගන්නා ස්ථාන ප්‍රකාශ නොකරන බව ද එම නිලධාරියා කීය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවැනි සතියේ ලබාදීමට මීට පෙර අදහස් කර තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment