වයඹ පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

229


වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු පොලිස් ලොක්කන් පස්දෙනකුකට පොලිස්පතිවරයා විසින් අද (29දා) ස්ථාන මාරු ලබාදී ඇත.

මෙසේ ස්ථාන මාරුලබාදී ඇති නිලධාරීන් අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ආණමඩුව ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකාරී, ආණමඩුව පොලිස් ස්ථානාධිපති සිටින බව පොලිසිය කියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයටත්ල සෙසු නිලධාරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටත් කාර්ය භාරයක් නොමැතිව මාරුකර යවා ඇති බව සඳහන්ය.

මෙම ස්ථානමාරුවීමට මුල්වී ඇත්තේ පසුගිය 22 වෙනිදා ආණමඩුවේදී නවගත්තේගම පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරයෙක්ට විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන් පිරිසක් පහරදී පැහැරගෙන ගොස් සුසාන භූමියට දමා ගියේ යැයි කියන සිදුවීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment