අද සිට අක්කර 500ක කීරි සම්බා වගා කරයි

83

බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්‍රදේශවල අක්කර 500ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කිරීමේ නියාමණ ව්‍යාපෘතිය අද සිට ආරම්භ වීමට නියමිතය.යල කන්නයේ කීරි සම්බා වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය බීජ වී ගොවීන් වෙත නොමිලයේ බෙදා දීම ඉකුත් 29 වැනිදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොලැපැලැස්සේ දී සිදු විය. එම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ද සහභාගි වී සිටියේය. මෙවර යල කන්නයේ දී එම ප්‍රදේශවල අක්කර 500ක කීරි සම්බා වගා කිරීමට නියමිතය. දැනට අප රටේ කීරි සම්බා බීජ වී වල හිඟයක් පවතින බැවින් මෙම අක්කර 500 වගා කිරීමෙන් ලැබෙන සම්පූර්ණ අස්වැන්න ම බීජ වී සඳහා යොදා ගැනීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment