අවුරුදු 19 න් පහළ රග්බි 05 වැනි සතිය අද ආරම්භ වෙයි

83

“ඩයලොග්” පාසල් ලීග් ශූරතා අවුරුදු 19 න් පහළ රග්බි තරගාවලියේ ප්‍රමුඛ පෙළ සටනේ 05 වැනි සතිය අද (14) කොළඹ දී ආරම්භ කෙරේ.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව අපරාජිත බව සටහන් කර ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම රැඳී සිටීමට කොළඹ ඉසිපතන විදුහල සමත්ව සිටී. ඉසිපතන සතු ජයග්‍රහණ සංඛ්‍යාව 04 කි. ඉසිපතන මෙන්ම ශාන්ත පීතර විදුහල ද අපරාජිතව පසු වන්නේ තමන් මුහුණ දුන් තරග 03 ක් ජය ගනිමිනි.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ප්‍රමුඛ පෙළ ‘1’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල (ලකුණු 24) සමත්වන අතර වාරයේ දී තියුණු තරගකාරිත්වයක් නිර්මාණය වී තිබෙන ප්‍රමුඛ පෙළ ‘2’ කාණ්ඩයේ පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට කොළඹ රාජකීය විදුහල (ලකුණු 19) ට හැකියාව ලැබී තිබේ.

මෙම සති අන්තයේ තරග සැළසුම

2023.07.14. (සිකුරාදා)
ඩී. එස්. සේනානායක සහ කිංග්ස්වුඩ් අතර කොළඹ හැව්ලොක්ස් පිටියේ දී.

2023.07.15. (සෙනසුරාදා)
ඉසිපතන සහ ශාන්ත අන්තෝනී අතර කොළඹ සී.ආර්. පිටියේ දී.
ශාන්ත තෝමස් සහ ශාන්ත ජෝශප් අතර ගල්කිස්සේ දී.
රාජකීය සහ ධර්මරාජ අතර රීඩ් මාවත රාජකීය පිටියේ දී.
සහිරා සහ ශාන්ත පීතර අතර සහිරා පිටියේ දී.
ත්‍රිත්ව සහ විද්‍යා විදුහල අතර පල්ලේකැලේ දී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment