‘එන්නත අප්සට්ද’ තාක්ෂණ කමිටුවකින් තීරණය කරන්න – මාධ්‍ය සංදර්ශන එපා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

253

ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ නිසා රෝගීන් මියයන්නේද නැද්ද පිළිබඳව තහවුරු කරගත යුත්තේ ‘තාක්ෂණික කමිටුවක්’ පත්කර ඒ ලබාදෙන වාර්තා මත මිස මාධ්‍ය සංදර්ශන හරහා නොවේ යැයි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මේ වනවිට මියයා යුතු නැති රෝගීන් සැළකිය යුතු පිරිසක් නිරපරාදේ මරණයට පත්ව තිබීම සුළුවෙන් නොතැකිය යුතු කාරණයක් බවද ඒ මහතා කීය.

නිර්වින්දන එන්නත සම්බන්ධයෙන් දිගින් දිගටම වෛද්‍යවරුන් යම් යම් කරුණු හෙළි කළ පසු දැනට භාවිතා කළ නිර්වින්දන එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ඉන්දියාවෙන් අලුතෙන් ගෙන එන බව කියන එන්නත ගෙන එන්නේ නිසි පරීක්‍ෂණයකින් පසුවදැයි ඒ මහතා විමසා සිටී.

රජයේ රෝහල්වල පවතින බරපතළ ඖෂධ හිඟය හමුවේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම වහාම නතර කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එසේ නොවුණහොත් වටිනා ජීවිත විනාශ වූ පසු ඊට විවිධ හේතු සොයමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට සිදුවනු ඇතැයිද එයින් නොනැවතී සමස්ත සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයම කඩා වැටෙනු ඇතැයිද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment