ආගමට අපහාස කළ බව කියමින් පාකිස්තාන් වැසියකුට ගල් ගසා මරා ගසක එල්ලති – 100ක් අත්අඩංගුවට

984

කුරානයට අපහාස කළ බවට චෝදනා කරමින් පාකිස්තානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුලව්බාහි වැසියකුට ගල්ගසා මරා ගම්වාසීහු ඔහුගේ සිරුර ගසක එල්ලා දමා ඇත.

 මෙම තැනැත්තා ඝාතනය වීමට පෙර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. එහෙත් මැර කණ්ඩායමක් ඔහුව පොලිසියේ භාරයෙන් පැහැරගෙන ඇත.

 මෙකී සිද්ධිය සැළවූ විගස අගමැති ඉම්රාන් කාන් අගවිනිසුරු වෙත නියෝග කරමින් ඉස්ලාම් දහමට අවමන් කෙරෙන චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කරන ලෙස දන්වා තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවෝ 33ක්ද ගම්වාසීන් 85ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්තාන් පොලිසිය පැවසුවේ ගසකට බැඳ දමා ගල් ගසා මරා දැමූ තැනැත්තා මුෂ්ටාක් නැමැත්තකු බවයි. එම සිද්ධියට 300ක් පමණ සහභාගි වී

 ඇත. මරාදැමූ තැනැත්තගේ සිරුර ගසෙන් බිමට ගෙන වෝහාරික පරීක්‍ෂණයකට යැවීම ස`දහා පොලිසිය උත්සාහ කළ අතර ඊටද මැරවැර පිරිස බාධාකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment