ෂර්ට් එකක් සරමක් 4000යි 5000යි: අවුරුදු සමරන්න වෙලා තියෙන්නේ ඇඳුම් නැතුවයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති

93

“මේ අලුත් අවුරුදු සමයේ ෂර්ට් එකක්, සරමක් රුපියල් 4000ක් 5000ක් විතර වෙනවා. මේවා අසාධාරණයි. අද පාරිභෝගිකයන්ට නැකැත් සමරන්න වෙලා තියෙන්නේ ඇඳුම් නැතුව…” පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ‘දිවයින’ට (31දා) පැවැසීය.

අප්‍රේල් මාසය යනු වෙළෙඳුන් පාරිභෝගික ජනතාව සූරාගෙන කන මාසය බව පැවසූ හෙතෙම තවදුරටත් මෙසේ ද කියා සිටියේය.

“රජය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදුන්නේ ව්‍යාපාරිකයන්ට නොවේ, පාරිභෝගික ජනතාවට.

පාරිභෝගිකයන්ට අද පාන් කියාගන්න බැරිව ඉන්න වෙලාවේ අවුරුදු සමයේ හූරාගෙන කන්න පටන් අරන්”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment