නඩු භාණ්ඩ කාමර භාරකරු රිමාන්ඩ්

448


කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය භාරව සිටි මොහොමඩ් නියාස් නමැති පුද්ගලයා මාර්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද නියම කළේය.

නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ රත්‍රන් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති පැමිණිල්ලක් සලකාබැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

මෙම රන් භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙක් යැයි පවසා ඇති පුද්ගලයකු විසින් ඒවා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් සැකකරුගෙන් ලබාගෙන ඇති බව අධිකරණයේදී සඳහන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment