ගංවතුර අවදානමක්

107


කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද පස්වරුව වනවිට විවෘත කර ඇති බව එහි පාලන අධිකාරිය සඳහන් කරයි.

එබැවින් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී තිබේ.

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට මේ වනවිට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment