පාඨලී සජබ අතර හමුවක්…

129

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර හමුවක් ඊයේ (26දා) සිදු විය.

එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය(14)දා එළිදැක්වූ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව පාඨලී ඇතුළු එම පක්ෂ නියෝජිතයන් ඊයේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී හමු විය.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන්ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment