රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – හිටපු ඇමැති රවී කරුණානායක

99

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ 25දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මූලික ප්‍රශ්න ඇති කරන්නෙ මහ බැංකුව කියලා මම කලින්ම කිවුවා. මුල්‍ය ආයතන කඩා වැටිලා තියෙන්නෙ ඔවුන් නිවැරැදිව වැඩ නොකළ නිසයි. දැන් බලන්න සියලු‍ දෙනාටම රජය කියනවා මුල්‍ය පාලනයක් කරන්න, වියදම් සීමා කරගන්න කියලා. නමුත් මහ බැංකුව ඔවුන්ගේ වැටුප් වැඩි කරගන්නවා. එය ඉතාම අසාධාරණයි. මේ රට බංකොලොත් කියලා කිවුවේ ව්‍යාපාරිකයන් නෙමෙයි. මහ බැංකුවෙන්. අඩුමගානේ පාර්ලිමේන්තුවේ අවසරයවත් නොමැතිව.

ඒ වගේම බලන්න ගෝඨාභය ශක්තිමත් කරන්න ගිය අය දැන් විපක්ෂ නායක ශක්තිමත් කරන්න යනවා. එදා ෆීල්ඩ් මාර්ෂල් නැතුව මුකුත් කරන්න බෑ කියපු අය, දැන් එලව එලවා පහරදෙනවා. මේ හමුවේ රටට ඔබින වැඩපිළිවෙළක් සහ එකට හිතන්න පුලු‍වන් කණ්ඩායමක් එකතු කරගන්න අවශ්‍යයි. මේ මොහොතේ එවැන්නක් සිදුවෙමින් තිබෙනවා. ඒ හමුවේ විපක්ෂය මැතිවරණයක් නෑ කියමින් පොඩි ජොලියක් ගන්නවා. නමුත් ජනාධිපතිවරණය තියෙනවා. වගේම එහි නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment