මන්ත්‍රීලාට ප්‍රශ්න අසන්න තියෙන අයිතියත් අද කොල්ලකෑවා – බණ්ඩාරලා දෙදෙනාම කියති

77

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ප්‍රශ්න ඇසීමට තිබෙන අයිතිය මේ ආණ්ඩුවත් ඇමැතිවරුත් උල්ලංඝනය කරමින් තමාත්, වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තු සභාගැබෙන් එළියට දැමූ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ) මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී කියා සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම මන්ත්‍රීවරුන් දෙපළ පාර්ලිමේන්තු සභාගැබෙන් ඉවත්කළ පසු පිටතදී මාධ්‍ය හමුවේ ඒ මහතා මෙසේද කියා සිටියේය.

මන්ත්‍රීවරයකුට ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. අද ඒ අයිතියත් මේ ආණ්ඩුව උල්ලංඝනය කරලා. ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගේ වුවමනාවට තමයි වේත්‍රධාරීන් හරහා අපිව එළියට දැම්මේ.

මෙහිදී කතාකළ වසන්ත යාපා බණ්ඩාර (පො.ජ.පෙ) මන්ත්‍රීවරයා

අපි දෙන්නම කතා කළේ රටටත් රටේ ජනතාවටත් දැඩි සේ බලපා තිබෙන වනජීවී ප්‍රශ්න. නමුත් පවිත්‍රා දේවි ඇමැතිවරිය ඊට උත්තර නොදී යන්න ගියා. අපට කතා කරන්න තියෙන අයිතිය නැති කරලා අපිව එළියට දැම්මා.

advertistmentadvertistment
advertistmentadvertistment