ජනාධිපති නීතියේ ආධිපත්‍යයට ප්‍රශ්න වන සේ කතාකර නෑ – නීතිඥ සංගමය කලබලවීම ගැන කනගාටුයි

114

වජිර අබේවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම අවස්ථාවක නීතියේ ආධිපත්‍යයට හෝ නීතිඥවරුන්ට ප්‍රශ්නයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර නැතැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා නිකුත්කර ඇති විශේෂ ප්‍රකාශයක සඳහන් වේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශයක් ගැන සිරකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති වෘත්තියවේදී හමුවකදී මතුවූ කරුණු කිහිපයක් පිළිබඳව මෙම ප්‍රකාශය ඔහු කර තිබේ.

ජනාධිපතිවරයා තම කතාවේදී කිසිම විටක කිසිම නීතිඥවරයෙකු දේශපාලනයේ නිරතවන බව කියා නැති බව ද මැතිවරණ කොමිසම නියෝජනය කිරීමට පෞද්ගලික නීතිඥයකු බාහිරින් තෝරා ගැනීම සම්බන්ධයෙන් සමහර ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරු එතුමා සමග ප්‍රකාශ කළ දේ පමණක් ජනාධිපතිවරයා සිහිපත් කර සිටි බව ද අබේවර්ධන මහතා පැවසීය. මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීම ගැන කනගාටුවන බව ද අබේවර්ධන මහතාගේ ප්‍රකාශයෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment