කලර් හැදූ ඉසුරුගේ ‘නිමි’ නුදුරේදීම…

231

තරුණ අධ්‍යක්ෂවරුන් දෙදෙනකු එක්ව කළ සිනමා නිර්මාණයක් ලෙසින් ‘නිමි’ චිත්‍රපටය 28 වැනිදා සිට රිද්මා මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වීම ආරම්භ වේ. චතූ පෙරේරා සමගින් ඉසුරු වීරසිංහමුදලි ‘නිමි’ අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කර ඇත. ඉසුරු මෙයට ප්‍රථම කලර් (2012) චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගෙන ආ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි.

කලර් හැදූ ඉසුරුගේ ‘නිමි’ නුදුරේදීම...

දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක ගුරු වෘත්තියේ නියැලෙන තරුණ ගුරුවරයකු හා ඔහුට අහඹු ලෙස මුණ ගැසෙන යොවුන් රූමතියක් වටා ගෙතී ඇති “නිමි” චිත්‍රපටය තුළින් දැන හෝ නොදැන මං මුලාව අයාලේ ගිය ජීවිත අතරමග දී යළිදු මුණ ගැසෙනු ඇත යන පණිවිඩය ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සාහ දරා ඇත.

“නිමි” රංගනයෙන් රොෂාන් රණවන, රශිපබා සංදීපනී, කාවිංග පෙරේරා, ගයාත්‍රී ඩයස්, කිංස්ලි ලෝස්, සංජීව වික්‍රමසිංහ, ගංගු රොෂානා, ලලිත් ජයසිංහ, අදීශ හේරත්, ෂෙහාරා තිලකරත්න ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් දායක වී ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් ගයාන් ශානක මුහන්දිරම්, සහාය අධ්‍යක්ෂණයෙන් චලිත් මනුරංග, ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය, 5.1 ශබ්ද මිශ්‍රණයෙන් හා සංස්කරණයෙන් තනුෂ්ක කහඳවල, අංග රචනයෙන් ආසිරි චතුරංග සමගින් මල්ෂා නානායක්කාර, කලා අධ්‍යක්ෂණයෙන් චමිර ජාලිය පෙරේරා ද, නිශ්චල ඡායාරූපකරණයෙන් ගයන්ත නදීශාන්, සංගීත අධ්‍යක්ෂණයෙන් මධුරංග ගමගේ සමගින් නෙල්කා තිළිණි ද, ගී තනු නිර්මාණයෙන් කසුන් කල්හාර ජයවර්ධන සහ මධුරංග ගමගේ ද ගීත ගායනයෙන් නිරාශා ටී. ඒකනායක සහ නෙල්කා තිළිණි දායකව ඇත. ගීත රචනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය ඉසුරු වීරසිංහ මුදලිගෙනි. “නිමි” ප්ලේන්ටි පික්චස් ඉදිරිපත් කිරීමකි.

කලර් හැදූ ඉසුරුගේ ‘නිමි’ නුදුරේදීම...

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment