ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුවට එරෙහිව ඇපෑලක්

522

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගිය 31 වැනිදා ලබාදුන් බහුතර තීන්දුව බල රහිත කරන ලෙස හා එම රාජ්‍ය ඇමැතිනිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් දැරීමට නුසුදුසු බවට ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා ඊයේ (14 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කළේය.

තමන් විසින් එම රාජ්‍ය අමාත්‍යවරියගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 2/3 ක බහුතර තීන්දුවකින් සිය ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කර රාජ්‍ය ඇමැතිනියට නඩු ගාස්තු ගෙවන ලෙසට තීන්දුවක් ලබාදී ඇති බවත් එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරයා සිය ඉල්ලීම් පිළිගෙන එම රාජ්‍ය ඇමැතිනිය මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට තීන්දු කරමින් තීන්දුවක් ලබා දී ඇති බවත් ඕෂල හේරත් මහතා සිය අභියාචනාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment