අම්බුළුවාවේ ප්‍රවේශ පත්‍ර තොරතුරු ගිනි තියලා කෝටි ගණනක වංචාවක් යට ගහලාද සැකයක්

340

අම්බුළුවාවේ ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹීමට පැමිණෙන අය සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර තොරතුරු කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා විනාශ කිරීම නිසා ඉන් ලැබෙන නියම ආදායම නිසි පරිදි ගණනය කිරීමට නොහැකි වී ඇත.

විගණකාධිපති කාර්යාලය විසින් ඒ පිළිබඳව තොරතුරු ඉල්ලා සිටිය ද එම ජෛව විවිධත්ව සංකීර්ණයේ කළමනාකාරීත්වයට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි ඒ සම්බන්ධව නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් කර තිබේ.

මෙලෙස ප්‍රවේශ පත්‍ර තොරතුරු ගිනි තබා විනාශ කිරීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුව ඇති බවට ද එම වාර්තාව මගින් සඳහන් කර සිටී.

එම ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල සම්බන්ධයෙන් 2021 විගණකාධිපති වාර්තාවෙන් ද තොරතුරු ලබාදී ඇති අතර 2020 වසරේදී එහි ආදායම, අනූපන් ලක්ෂ විසිපන් දහස් පන්සිය හැත්තෑපහක් ලෙස දක්වා තිබිණි. නමුත් එහි ප්‍රවේශ පත්‍ර පිටපත් ගිනි තබා ඇති නිසා එය සතුටුදායක ලෙස නිරීක්ෂණය කිරීමට නොහැකිව ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් කියා සිටී.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment