පාතාලය පන්න පන්නා වෙඩි තබා මීගමුවේදී ‘කුරණ චූටි’ මරා දමලා

1135

මීගමුව ගල්කන්ද හන්දියට පෙරේදා (10 දා) රාත්‍රි යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු යතුරුපැදියක යමින් සිටී ‘කුරණ චූටි’ නමැත්තාට පන්න පන්නා වෙඩි තබා ඔහු ඝාතනය කර පලා ගොස් ඇත.

ඝාතනයට ලක්වූ සල්ගාදු නමැත්තාට ද එරෙහිව මිනී මැරුම් සහ නීති විරෝධී අවි ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට ඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගිහාන් ෆොන්සේකාගේ සමීපතමයකු සමග සල්ගාදු නමැත්තා ආරවුලක් ඇති කරගෙන තිබිණි. එම ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස ‘හීනටියන මහේෂ්’ නමැති පාතාල නායකයාට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහුගේ ගෝලයන් විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

‘කුරුණ චූටි’ නමැත්තා සිය යතුරුපැදියේ නැඟී නිවස බලා යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කුරණ චූටි නමැත්තා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මීගමුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු – ටී. කේ. ජී. කපිල – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment