දීපවාලියට පැමිණි ජර්මන් මිතුරාට සලකන්න ගිය මිතුරා අනූනවයෙන් බේරෙයි

883

ජර්මනියේ සිට පැමිණි මිතුරාට දීපාවලියට මත්පැන් සාදයක් ලබාදීම සඳහා අසල නිවසක සිටි එළුවකු මරා මස් කළ පුද්ගලයෙකු පේදුරුතුඩුව පොලීසිය විසින් 13 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ පදිංචිව සිටි අයෙකු මීට වසර කීපයකට පෙර ජර්මනියට ගොස් එහි රැකියාවක් කරන් ජර්මන් ජාතික කාන්තාවක් සමග විවාහ වී ඇත.

එම මිතුරා මෙවර දීපාවලී උත්සව සමයේදී යාපනයට පැමිණෙන නිසා ඔහුගේ මිතුරා ඔහුට සැලකීම සඳහා එළුවා මරා මස් කොට කටගැස්ම හා ආහාර පිළියෙල කොට තිබේ.

එළුවා අතුරුදහන් වීමෙන් පසුව එළුගාල් හිමියා ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සිද්ධිය දැනගත් ජර්මන් ජාතික කාන්තාව සිය සැමියාට බැන වැදී එළුවාගේ අයිතිකරු හමු වී ඔහුට එළුවාගේ වන්දියටත් වඩා වැඩි මුදලක් ගෙවා ඔහු ලවා පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබේ.

ඒ අනුව එළුවා හොරකම් කර මරා මස් කළ පුද්ගලයා නිදහස් වී ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment