සාගර දූෂණය වැළැක්වීමට INSEE ECOCYCLE සහ MAS Foundation for Change එක්වෙයි

82

සියම් සිටි සිමෙන්ති පොදු සමාගම ලෙසද හැඳින්වෙන INSEE සිමෙන්ති සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම, ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ලබාදීමේ පුරෝගාමියෙකු වන INSEE Ecocycle, පිරිසිදු සාගරයක් ප්‍රති නිර්මාණය කිරීම හරහා ජීවය ශක්තිමත් කිරීම, ජලයේ පිරිසිදු බව සහතික කිරීම සහ ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූෂණය පිළිබඳ ගැටලු‍ අවම කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන MAS Holdings අනුබද්ධිත ලාභ නොලබන සංවිධානයක් වන MAS Foundation for Change සමඟ අත්වැල් බැඳ ගැනීම පසු ගියදා සිදු විය.

මෙම සංවිධාන, ගාල්ලේ පළාත් පාලන ආයතන සමඟ එක් ව, සාමුද්‍රීය අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලයෙන් වෙන් කිරීම සඳහා මොරගොඩ ඇළේ Ocean Strainer නමින් හැඳින්වෙන පාවෙන පාලිත බාධකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දූෂණය වීම වැළැක්වීම වෙනුවෙන්ද වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙම පාලිත බාධකය MAS ආයතනය විසින් නිර්මාණය කරන ලද සරල මෙන් ම ලාභදායී ලෙස ජලයෙන් කුණු වෙන් කරන විසඳුමක් වන අතර, එය යම් ඇළ මාර්ගයක සවි කළ විට අපද්‍රව්‍ය සාගරයට ළඟා වීමට පෙර බාධකය මඟින් රැස් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment