බිම්පුත් බලපත්‍රය අහෝසියි

178

බිම්පුත් මූල්‍ය සමාගම සඳහා මූල්‍ය ව්‍යාපාර කරගෙන යෑමට මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ බලපත්‍රය අවලංගු කර ඇත.

මෙම සමාගමට මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ඇති විවිවිධාන සාක්‍ෂාත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති සාමාන්‍ය විධාන හා රීත් කිහිපයක් අඛණ්ඩව එම සමාගම විසින් උල්ලංඝනය කර ඇති බව ද මහ බැංකුව කියයි.

බිම්පුත් මූල්‍ය සමාගමේ හිඟ ප්‍රාග්ධන මට්ටම, දුර්වල වත්කම් තත්ත්වය සහ දිගටම පාඩු ලබන තත්ත්වය හේතුවෙන් එම සමාගමේ මූල්‍ය තත්ත්වය පිරිහෙමින් තිබූ බව ද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බිම්පුත් මූල්‍ය සමාගමට මූල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධානවලට අනුකූල වීම සඳහා කිහිපවිටක්ම කාලය දීර්ඝ කිරීම් ලබා දී තිබුණත් එම ආයතනය මුහුණදුන් බරපතළ මූල්‍ය තත්ත්වයෙන් සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට එම සමාගම අපොහොසත් වී ඇත.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් ඉකුත් අගෝස්තු 07වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මූල්‍ය ව්‍යාපාර කරගෙන යෑමට මුදල් ව්‍යාපාර පනත යටතේ බිම්පුත් මූල්‍ය සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව එදින සිට එම සමාගමට මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නිරත වීමට අවසර නැති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment