ඩිජිටල් දොර විවර කරන සුවිශේෂී ජගත් සමුළුවක් මේ වසර අග දී

75

ඩිජිටල් ආර්ථිකයක පසුබිම විවර කරමින් මෙරටට එන විදේශ ආයෝජකයන්ට අවශ්‍ය සියලු සේවාවන් එකම වහලක් තුළ ලබාගැනීමට හා මෙරට කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළ විවර කරදීමට සුවිශේෂී ජගත් සමුළුවක් මෙම වසර අවසානයේ දී ලංකාවේ දී පැවැත්වෙන බව කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සිව්වන හා පස්වන තාක්‍ෂණික විප්ලවය හෙවත් ෂභෘඹීඔඍශ 4.0 සහ 5.0 සංකල්පය යටතේ මෙවැනි ජගත් සමුළුවක් මෙහි පැවැත්වෙන පළමු අවස්ථාව වනු ඇත.

මෙරට කර්මාන්තකරුවන් ගෝලීය අධිතාක්‍ෂණය සමග යාවත්කාලීන කිරීම, ලාංකීය නිපැයුම්කරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළ විවර කරදීම, අධි තාක්‍ෂණික නිෂ්පාදන කර්මාන්ත මෙරට තුළ ආරම්භ කිරීම, විදෙස් ඍජු ආයෝජන අවස්ථා ලබාගැනීම, ඒ හරහා ශ්‍රී ලංකාව ලෝකයේ නිෂ්පාදන අපනයන කේන්ද්‍රස්ථානයක් හා සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, දේශීය කර්මාන්ත සඳහා උසස්ම ජාත්‍යන්තර භාවිතයන් හඳුන්වාදීම සහ ගෝලී කර්මාන්ත සමග ජාලගත කිරීම ආදී කරුණු රැසක් ම මේ හරහා සාක්‍ෂාත් කර ගැනීමට අපේක්‍ෂිත වෙයි. එමෙන්ම මේ හරහා අධි තාක්‍ෂණික නැඹුරුව සහිත සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයක් ඇති කිරීමට ද අපේක්‍ෂිත වෙයි.

මෙම ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් ආයෝජකයන් සඳහා අවශ්‍ය සේවාවන් එකම පරිශ්‍රයක දී කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදුකර දීමට අවශ්‍ය කටයුතු සලසන අතර ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු ආයතනවල සහාය ලබාගැනීමට ද කර්මාන්ත අමාත්‍යාංශය මගින් පියවර ගැනෙයි.

විශ්වවිiාල හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තිය පුහුණු ආයතන, තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සමාගම් සහ ඒ ආශ්‍රීත අධ්‍යාපන ආයතන, මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්, නව නිපැයුම්කරුවන්, මෙම ප්‍රදර්ශනයේ ඉලක්ක කණ්ඩායම් වන අතර රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු සහයෝගීතාවය මේ සඳහා එක්කර ගැනීමට නියමිත බවද ඇමැතිවරයා කීය.

රාජ්‍ය ඇමැතිවරු වන කනක හේරත් හා ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතනයන්හි සභාපතිවරුන් හා නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රැසක් ද මේ පිළිබඳ කරුණු දැක්වීමට එක්ව සිටියහ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment