නව ජාතික වාර්තා දෙකක් බිහිවේ – ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය

71

නව ජාතික වාර්තා 02ක් සහ තරග වාර්තා 11 ක් බිහි කරමින් 59 වැනි ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී පෙරේදා (31 වැනිදා) අවසන් වූයේය. එහි දී රිටිපැනීමේ ඉසව්වේදී මීටර් 5.17ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කාර්මික සෙබළ පුවිතරන් කේ. නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වූ අතර පිරිමි මීටර් 200 සහය දිවීම ඉසව්ව විනාඩි 1:29:93 අවසන් කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම තවත් ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූහ. ජී. ඩී. කේ. කේ. නිකූ පබසර, පී. එම්. පී. එල්. කොඩිකාර, ඒ. එස්. එම්. සෆාන් සහ එස්. ඒ. දර්ශන එම කණ්ඩායම නියෝජනය කළහ.

නව ජාතික වාර්තා දෙකක් බිහිවේ - ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය

ඊට අමතරව පිරිමි මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 3000 බාධක දිවීම සහ මීටර් 400 සහය දිවීම ඉසව්වලිනුත් කාන්තා මීටර් 400, මීටර් 10000, මීටර් 100 සහය දිවීම, මීටර් 800 සහය දිවීම, මීටර් 1500 සහය දිවීම, සත්ප්‍රයාම ඉසව්වලදීත් නව තරග වාර්තා පිහිටුවීමට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්. අරුණ දර්ශන සම්මානයට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ මාණ්ඩලික සැරයන් නදීෂා රාමනායක සම්මානයට පාත්‍ර විය.

තරගාවලියේ පිරිමි අංශයේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායටත් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවටත් හිමිවිය. කාන්තා අංශයේ සමස්ත ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායටත් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායටත් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment