නෙදර්ලන්තයට 2014 වසර සිහි කෙරූ – ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණයකින් සාජා ගමන අරඹයි

1738

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම දෙවෙනි ලකුණු සංඛ්‍යාවට නෙදර්ලන්තය සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යාවන්නෝ සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (22 වෙනිදා) සමත් වූහ.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ පැවැති අවසන් තරගය වූ එහිදි නෙදර්ලන්තය දැවී ගිය ලකුණු 44 සටහන් වූයේ 2014 වසරේ පැවැති පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තය කණ්ඩායම ශ‍්‍රී ලංකා කණ්ඩායම හමුවේ දැවී ගිය ලකුණු 39ට පසු අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එහීදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 7කට කඩුලූ 3ක් දවා ගත් අතර වනිදු හසරංගද සිය දග පන්දුවේ මහිමයෙන් නෙදර්ලන්ත පිතිකරුවන් අන්ද මන්ද කර කඩුලූ 3ක් දවා ගත්තේය.

නෙදර්ලන්තයට 2014 වසර සිහි කෙරූ  - ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණයකින් සාජා ගමන අරඹයි

වනිදු ගේ පන්දු හමුවේ දැවී ගිය නෙදර්ලන්තය පිතිකරුවන් තිදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම විශේෂ සිද්ධියක් විය.

මහීෂ් තීක්ෂණ කඩුලූ දෙකක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දවා ගනිමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයට දායක වූයේය.

ආරම්භක පිතිකරු මැක්ස් ඔඞ්වර්ඞ් දුවද්දී දවා ගැනීම සඳහා නායක දසුන් ශානකගේ දක්ෂ පන්දු රැුකීම ඉවහල් වූ අතර ඉන් ආරම්භ වූ නෙදර්ලන්ත ඉනිමේ කඩා වැටීම නතර කිරීමට කිසිදු පිතිකරුවෙකුට නොහැකි විය.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ කොලින් ඇකර්මන් වූ අතර ඔහු ලකුණු 11ක් ලබා ගත්තේය. සෙසු කිසිදු නෙදර්ලන්ත පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට නොහැකි විය.

ලකුණු 45ක පහසු ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියේය. බ‍්‍රැන්ඩන් ග්ලොවර්ගේ

පන්දුවකට එල්ල කළ පහරක් පෝල් වෑන් මිකරෙන් විසින් පහසු උඩපන්දුවක් ලෙසට පත්කර ගැනීම මත නිස්සංකගේ ඉනිම අවසන්වී ගියේය. ඊයේ කණ්ඩායමට කැඳවා තිබු චරිත් අසංලකද ලකුණු 06කට පිටියෙන් ඉවත් කිරීමට පෝල් වෑන් මිකරෙන් සමත්විය. පළමු තරග දෙකෙහිදීම ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ කුසල් පෙරේරා ඊයේ දිනයේදී පන්දු 24කදී ලකුණු 33ක් වාර්තා කරමින් ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

ලකුණු සටහන

නෙදර්ලන්ය පන්දුවාර 10කදී සියලූ දෙනා දැවී ලකුණු 44යි (ස්ටිපන් මිබර්ග් 05, මැක්ස් ඔඩොව්ඞ් 02, බෙන් කූපර් 09, කොලින් ඇකර්මන් 11, බාස් ඩි ලීඬේ 00, ස්කොට් එඞ්වර්ඞ්ස් 08, රොලෆ් වැන්ඩර් මර්වේ 00, පීටර් සීලර් 02, ෆ්‍රෙඞ් ක්ලාසෙන් (නොදැවී 01), බ‍්‍රැන්ඩන් ග්ලොවර් 00, පෝල් වෑන් මිකරෙන් 00, වනිදු හසරංග 09/3, ළහිරු කුමාර 07/3, මහීෂ් තීක්ෂණ 03/2, දුෂ්මන්ත චමීර 13/1)

ශී‍්‍ර ලංකාව පන්දුවාර 7.1කදී කඩුලූ දෙකක් දැවී ලකුණු 45යි (පැතුම් නිසසංක 00, කුසල් පෙරේරා (නොදැවී) 33, චරිත් අසලංක 06, අවිශ්ක ගුණවර්ධන (නොදැවී) 02, බ‍්‍රැන්ඩන් ග්ලොවර් 12/1, පෝල් වෑන් මිකරෙන් 20/1)

කුෂාන් සුබසිංහ සාජා සිට..

advertistmentadvertistment
advertistmentadvertistment