මිඩ්වයිෆ්ලා 3000ක් හිඟයි: 2021 දී බඳවාගත් 1538 දෙනාට තවමත් පුහුණුව දීලා නෑ – පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු

42

“පවුල් සෞඛ්‍ය සේවා සඳහා 2021 දී සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 1538 දෙනා තවමත් පුහුණුව සඳහා අරගෙන නැහැ. මේක හරි අසාධාරණයි. මේ ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ” යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසුවාය.

දැනටමත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3000 කගේ විශාල හිඟයක් පවතින බව ද ඇය කියා සිටියාය.

දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙසේ ද කීවාය.

මේ වෙනකොට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ උග්‍ර හිඟයක් තිබෙනවා. මේ තත්ත්වය තුළ ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. දැන් මේ තෝරාගෙන ඉන්න 1538 දෙනාව ඉක්මනින්ම පුහුණුවට බඳවාගන්න කියලා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මේ උග්‍ර හිඟයට කඩිනම් විසඳුම් ලබාදුන්නේ නැත්නම් අනාගතයේදී පවුල් සෞඛ්‍ය සේවා නිසි ලෙස කරගෙන යෑම ගැටලු සහගත වේවි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment