පළාත් සභා 9ක ඡන්දය ලබන මාර්තුවට පෙර – රජයේ තීරණය ඇමැති බැසිල් කියයි

211

පළාත් 9 ක් සඳහා වන පළාත් සභා මැතිවරණය ලබන වසරේ (2022) මාර්තු මාසයට පෙර පැවැත්වීමට රජය තීරණය කර ඇත.

 මේ පිළිබඳව රජයේ ස්ථාවරය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් මැතිවරණ නීති ප‍්‍රතිසංස්කරණය සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුවේදී ඉකුත් සිකුරාදා (08දා) ප‍්‍රකාශ කර තිබේ. මෙම තේරීම් කමිටුවට ඒ මහතා පත්කරන ලද්දේ මීට දෙසතියකට පෙරය. ඒ අනුව එම කමිටුවේ සැසිවාරයකට මුල් වතාවට සහභාගි වෙමින් හෙතෙම මේ බැව් පවසා ඇත. ඉපළාත් සභා මැතිවරණ නොපැවැත්වීම නිසා පළාත් සභා කටයුතු නිෂ්ක‍්‍රීය වී ඇති බවත්, වසර ගණනාවක් එම පළාත් සභා පාලනය කරන්නේ ජනාධිපති නීතිය යටතේ බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එබැවින් ලබන මාර්තු මාසයට පෙර මෙම ඡුන්ද පැවැත්වීම සඳහා අවශ්‍ය නෛතික ගැටලූ විසඳා ගතයුතු බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment